යාපනය ගුවන් තොටුපොළ හරහා අද දිනයේදීත් පරික්ෂණ ගුවන් ගමන් ධාවනයක්

මැතකදී විවෘත කළ යාපනය ගුවන් තොටුපොළ හරහා අද දිනයේදීත් පරික්ෂණ ගුවන් ගමන් ධාවනයක් සිදුකිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය කටයුතු කර තිබේ.

ඒ අනුව රත්මලාන ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කරන ගුවන් යානයක් පෙ.ව. 9.20ට යාපනය ගුවන් තොටුපොළේ ගොඩබස්වා නැවතත් පැයකට පමණ පසුව එම ගුවන් යානය ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළ වෙත ගමන් කිරීමට නියමිතය තිබේ.

පසුව එම ගුවන් යානය නැවතත් ඉන්දියාවේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැය කිහිපයකින් පමණ පසුව පියාසර කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේදීත් වාණිජ ගුවන් ගමනක් සිදුනොවෙයි. කෙසේ වෙතත් හෙට දිනයේදී වාණිජ ගුවන් ගමනක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *