ජපාන නෞකාවේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 61 දක්වා ඉහලට

ජපානයේ යොකොහාමා වෙරළට ගොඩ බෑ ඩයමන්ඩ් ප්‍රින්සස් නම් නෞකාවේ වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් අදාල නෞකාව හා කලාපය නිරෝධායනය කිරීමට කටයුතු යොදා තිබේ.

නෞකාවේ ගමන් ගත් මගීන් අතර වෛරස ආසාදනයට ලක්වූවන් ගෙන් බොහොමයක් වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයන් බවට වාර්තා වේ.

ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරන අන්දමට නෞකාව තුළ ගමන් ගත් 41 දෙනෙකු වෛරස අසාදනයට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂා මගින් තහවුරු වී ඇති අතර, ආසාදනයට ලක්වූ තවත් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙව බව ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ක්‍රියාකරු පවසා තිබේ.

මේ වන විට නැවේ ගමන් ගත් 3,700 කට ආසන්න මගීන් සියල්ල ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙන අතර වෛද්‍ය පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක වේ.

වෛරස ආසාදනයට ලක්වූ 41 දෙනා අතර ජපාන ජාතිකයින් 21 දෙනෙකු, ඇමරිකානු ජාතිකයින් 08 දෙනෙකු, කැනේඩියානු ජාතිකයින් 05 දෙනෙකු, ඕස්ට්‍රේලියානු ජාතිකයින් 05 දෙනෙකු, එක් ආර්ජන්ටිනා ජාතිකයකු හා එක් බ්‍රයිටන් ජාතිකයකු සිටින බවට ස්කයි නිව්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *