තෙල් ලීටරයක් නැතුව දින දෙකක් වයසැති බිළිඳෙකු නැති වුණා කියන දුක ජිවිත කාලයටම වද දේවි

දියතලාව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මියගිය කුඩා බිළිඳියක් සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරයෙකු සිය ෆේස්බුක් ගිණුමේ ඉතා සංවේදී සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ රෝහලට රැගෙන ඒම ප්‍රමාද වීම හේතුවෙන් මෙම බිළිඳියගේ මරණය සිදුවී ඇති බවයි.

ඇය මවුකිරි පානය අඩුවී සිරුර කහ පැහැ ගැනීම හමුවේ රුධිරයේ සීනි මට්ටම පහත බැසීම හේතුවෙන් නිවසේදී රෝගී වී තිබෙනවා.

හල්දුම්මුල්ල රෝහලට බිළිඳිය රැගෙන ඒම සඳහා පියාට ත්‍රී රෝද රථයට ඉන්ධන සොයා ගැනීමට පැයකට අධික කාලයක් ගතවී ඇති බවයි වෛද්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

හල්දුම්මුල්ල රෝහලට රැගෙන ඒමෙන් පසු දියතලාව රෝහලට මාරු කර යවා ඇති බිළිඳිය හදිසි ප්‍රතිකාර ඒකකයේදී මියගොස් තිබෙනවා.

පැයක ප්‍රමාදයකින් තොරව ඇය රෝහලට රැගෙන ඒමට හැකියාවක් තිබුණේ නම් ජීවිතය බේරා ගැනීමට තිබූ බවයි මෛ වෛද්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

එම වෛද්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී සටහන පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published.