කොරෝනාවට රුසියාවෙන් එන්නතක් – පුටින් දියණියටත් එන්නත් කරවයි

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සඳහා නියාමන අනුමැතිය ලබා දුන් ලොව පළමු රට රුසියාව බව ජනාධිපති වැල්ඩමීර් පුටින් පවසනවා.

මාස දෙකකට අඩු කාලයක් මිනිසුන් යොදාගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම එන්නත සඳහා මෙලෙස නියාමන අනුමැතිය ලබා දී තිබුනා.

රුසියානු මාධ්‍ය අමතමින් ජානාධිපති පුටින් කියා සිටියේ, මොස්කව්හි ගමාලියා ආයතනය විසින් සකස් කරන ලද මෙම එන්නත ආරක්ෂිත බවත්, එය ඔහුගේ දියණියකට පවා ලබා දී ඇති බවත්ය.

“එය බෙහෙවින් ඵලදායී ලෙස ක්‍රියා කරන බවත්, ශක්තිමත් ප්‍රතිශක්තියක් ඇති කරන බවත්, අවශ්‍ය සියලු පරීක්ෂණ සමත් වී ඇති බවත් මම නැවත කියමි” ජනාධිපති පුටින් පැවසුවා.

මෙම එන්නත එරට තුළ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු එහිදී වැඩි දුරටත් පැවසුවා.

කොවිඩ්-19 වසංගතය නැවැත්වීම සඳහා ලොව පුරා එන්නත් 100 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට නිපදවෙමින් පවතිනවා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, ඒවා අතරින් අවසාන අදියරෙහි මිනිස් අත්හදා බැලීම්වල යෙදී සිටින්නේ අවම වශයෙන් එන්නත් හතරක්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *