අනුෂ්කා සහ විරාත් කෝලි ආදරයෙන් වෙළේ

පසුගිය කාලය පුරාම විරාත් කෝලි පිළිබඳ කතා කළේ පිත්තෙන් පෑ දස්කම් නිසාමයි. එයට කෙටි විරාමයක් තබමින් ආදරය නිසා විරාත් කෝලි පිළිබඳ කතාබහක් ඇති වෙලා.

එයට හේතු වී ඇත්තේ ඔහුගේ ආදරණීය බිරිඳ අනුෂ්කා ශර්මා නවසීලන්තයේ දී ඔහු සමඟ එකතු වීමයි. ලැබුණු කෙටි නිවාඩුවකදී මේ දෙදෙනා වනාන්තරයක් නරඹන්න ගිහින්. එහිදී ලබාගත් බොහොම ප්‍රේමාන්විත ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරලා. එහි සඳහන් කර ඇත්තේ “අපි හැමදාමත් හොඳ යහළුවෝ” යනුවෙනි.

අනුෂ්කා සහ විරාත් 2017 දෙසැම්බර් මාසයේදී විවාහ වූවා. ඒ ඉතාලියේ ටස්කනි නගරයේදී. ඉන්පසු ඔවුන් දෙදෙනා දිල්ලියේදී සහ මොම්බායේදී විවාහ උත්සව දෙකක් පවත්වා තිබුණා.

මේ වනවිටත් විරාත් සහ අනුෂ්කා ආදරය කළ කාලයේදී මෙන්ම බොහෝ සේ සතුටින් කාලය ගත කරන බව පෙනෙන්නට තිබෙනවා. සෑමවිටම අනුෂ්කා පවසන්නේ ඔහු වැනි පුද්ගලයෙකු හමුවීම පිළිබඳ ඇය සෑමවිටම සතුටු වන බවයි.

anushka-virat

– හරින්දී ලියනගේ –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *