ජනපතිගේ සොයුරු ඩඩ්ලි දේශපාලනය කර පෙන්වන්න සූදානම් –  ටයිකෝට් ඇඳීම නතර කරනවා ලු 

ටයි කෝට් පැළඳි පුද්ගලයන් රට කෑ බවත් එයට විරුද්ධත්වය පලකිරීමට ඉදිරියේදී ටයිකෝට් ඇඳීම නතර කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

අද (21) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී රට වෙනුවෙන් යම් යම් තීරණ ගැනීමට සිදුවන බවයි.

එසේ නොහැකි වුවහොත් දේශපාලනය කර පෙන්වන්නත් පුළුවන් බවයි ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ.

ඔහු මාධ්‍ය හමුවේදී පළ කළ වැදගත් කරුණු පහතින් දැක්වෙනවා.

“ක්ෂුද්‍ර මුල්‍යය ක්‍රමය අධික පොලී අයකරමින් ග්‍රාමීය ජනතාවට උගුලකට හසුකර තිබෙනවා. මෙම ණය ආයතන පිළිබදව රජයේ අදාල ආයතන මැදිහත් වී අර්බුදයෙන් ජනතාව බේරාගත යුතුයි. එසේ නොකලහොත් නීතියට පිටින් හෝ ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදුවෙනවා. මෙම ණය උගුලෙන් බේරීමට හොඳම ක්‍රියාමාර්ගය ණය නොගෙවා සිටිමයි. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එකී ණය නොගෙවන ලෙසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එම ණය ගෙවීමේ ක්‍රමය නතර කලා.

වසර 70ක් තිස්සේම සිදුවුණේ ජනතාවගේ සිහින බලාපොරොත්තු සුන්විම පමණකි. ඉදිරියේදී අපට රට වෙනුවෙන් යම් යම් තීරණ ගන්නට සිදුවේවි. බැරි වුණොත් දේශපාලනය කරලා පෙන්වන්නත් පුළුවන්. මහජන මුදල් ගසා කත්තේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි විදියට වැඩ කරන්න මන්ත්‍රීවරු, ඇමතිවරු, ලේකම්වරු, උපදේශකවරු සිය ගණන් ඉන්නවා. ඔවුන්ට සියලු පහසුකම් දී තිබෙනවා. ටයි කොට් දාපුවුන් තමයි මේ රට කෑවේ. එයට විරුද්ධත්වය පලකිරීමට ඉදිරියේදී ටයිකෝට් ඇදීම මා නතර කරනවා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *