මූල්‍ය සමාගමේ නියෝජිතයන්ගේ ‘බලපෑම් ඉවසනු බැරිව’ කාන්තාවක්‌ දිවි නසා ගනී

යාපනයේ තාවඩි ප්‍රදේශයේ කාන්තාවක්‌ ක්‌ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ලබා ගත් ණය මුදලක වාරිකය ගෙවීමට නොහැකිව  ගෙල වැලලාගෙන මියගොස්‌ තිබෙනවා.

මෙසේ මියගොස්‌ සිටියේ සුවීතන් අනූෂියා නමැති තිස්‌හය හැවිරිදි පස්‌ දරු මවකි.

මරණය සම්බන්ධයෙන් යාපනය ශික්‌ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී මියගිය අයගේ සැමියා ප්‍රකාශ කොට තිබුණේ මේ ණය මුදල තමන්ට නොදන්වා බිරිඳ විසින් ලබාගෙන තිබූ බවයි.

මූල්‍ය සමාගම්වල නියෝජිතයෝ නිතර නිතර නිවසට පැමිණීමට පටන් ගැනීමත් සමගම ඇය මේ ණය මුදල ගැන තමන්ට විස්‌තර ප්‍රකාශ කිරීම නිසා පසුගිය මාසයක එම ණය වාරික මුදල වූ රුපියල් 6000 ක මුදල ගෙවීම සඳහා තමනුත් බිරිඳත් කුලී වැඩට ගොස්‌ එම වාරිකය ගෙවූ බව ද ඔහු සඳහන් කළා.

මේ මාසයේ වාරිකය ඉල්ලා මූල්‍ය සමාගමේ නියෝජිතයෝ බලපෑම් කළත් ණය වාරිකය ගෙවීමට කිසිම ක්‍රමයක්‌ නොවූ නිසා තමන් නිවසේ නොසිටි අවස්‌ථාවක බියට හා ලැඡ්ජාවට පත් තම බිරිඳ නිවසේ බාල්කයක එල්ලී සියදිවි හානි කරගෙන තිබූ බව ද මියගිය අයගේ ස්‌වාමියා මරණ පරීක්‌ෂණයේදී සාක්‌කි දෙමින් පවසා තිබුණා..

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *