සොයිසාපුර වෙඩි වරුසාවට හවුල් ‘ගැහැණියක්’ STF මෙහෙයුමකින් අල්ලයි

සොයිසාපුර ලක්මැදුර හෝටලයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වෙඩිතැබීම මෙහෙයවන ලදැයි කියන දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ මෙම කාන්තාව දුරකතනය හරහා සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී තිබුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බෞද්ධාලෝක මාවතේ කඳවුරේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හොරොයි මිලිග්‍රෑම් 5450 ක් සහ ජංගම දුරකතනයද විශේෂකාර්ය බළකා නිලධාරීන්ගේ බාරයට ගෙන තිබෙනවා.

හොරායින් ජාවාරමේ නියැලෙන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබුණු විශේෂ තොරතුරක් මත රත්මලාන ධර්මාරාම පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී හොරොයින් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *