අමීර් ඛාන්ට කොවිඩ්

සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුගේ කළමනාකරු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට අමීර් ඛාන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තමන් හා ඇසුරු කළ පුද්ගලයින්ට සහ සිය කාර්ය මණ්ඩලයට හැකි ඉක්මනින් කොවිඩ් පරීක්ෂණයකට ලක්වන මෙන්ද අමීර් ඛාන් ඉල්ලා සිටිනවා.

මේ අතර ගතවූ පැය 24 තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී ඇත. පසුගිය නොවැම්බර් මාසයෙන් පසු දිනක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *