රාත්‍රී කාලයේ යාපනය ‘ආවා රාජ්‍ය ලෙස’ නම් කරලා

යාපනය චෙම්මිණි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ග ඇතුලු මාර්ග කිහියක ආවා රාජ්‍ය යනුවෙන් ලියා ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් රහසිගතව මෙසේ මාර්ග පුරා ලියා ඇති අතර එසේ ලියන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න කිසිවෙක් නොදුටු බවයි ප්‍රදේශවාසීන් විසින් පොලීසියට සඳහන් කර ඇත්තේ.

ආවා රාජ්‍ය සහ බලය ඇත්තේ අපට පමණයි යන වැකි මාර්ග පුරා ලියා ඇති අතර ඒ පිළිබඳව පරික්ෂණ සිදු කරන පොලීසිය කියා සිටියේ සී.සී.ටී.වී උපයෝගි කරගනිමින් මාර්ගයේ ලියන ලද පිරිස් හඳුනා ගැනීම සඳහා පියවර ගන්නා බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *