නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරකයාව මැඩපවත්වා ලූ පුද්ගලයා මෙන්න – ආයුධය ක්‍රෙඩිට් කාඩ් මැෂිමක්

නවසීලන්තයේ දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බ්‍රෙන්ටන් ටෙරන්ට් මෙම ප්‍රහාරය තනිවම මෙහෙයවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහුට අමතරව අත් අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් තිදෙනා මෙම ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති අතර එම තිදෙනා ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමේ කටයුතු සිදු කරන බව එරට පොලිස් ප්‍රධානියකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මෙම ත්‍රස්ත ප්‍රහාරය තවදුරටත් පවත්වාගෙන යාමට තුවක්කුකරු සුදානම් වෙද්දී එය ක්‍රෙඩිට් කාඩ් මැෂිමකින් වලක්වා ලු පුද්ගලයෙකු පිළිබඳවත් වාර්තා වනවා.

තුවක්කුකරුගේ දෙවන ඉලක්කය වු ලීන්වුඩ් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කරමින් ඇතුල්විමට උත්සහ දැරිමේදි ඒ අසල සිටි අබ්දුල් අසීස් නම් පුද්ගලයෙක් විසින් තුවක්කුකරුගේ අතට “ක්‍රෙඩිට් කාඩ්” මැෂිමකින් පහරදි තිබෙනවා.

නොසිතු මොහොතක එල්ලවු ප්‍රහාරයෙන් පසු තමාට පහරදුන් පුද්ගලයා පසු පස දිව යාමේදි තුවක්කුකරුවු බ්‍රෙන්ටන් ටෙරන්ට් අත රැඳි ගිනි අවිය බිම වැටි ඇති අතර ඔහු ඒ සමග තම කාර් රථයට දිව ගොස් ඇත්තේ තවත් තුවක්කුවක් සහ අමතර පතොරම් රැගෙන ඒමටය.

කෙසේ වුවත් ඒ අවස්ථාවෙදි එම ස්ථානයට පැමිනි නවසීලන්ත පොලිසියේ නිළධාරින් දෙදෙනෙක් විසින් බ්‍රෙන්ටන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබෙනවා.

අබ්දුල් අසීස් නම් පුද්ගලයා සිදුකළ එම ක්‍රියාව හේතුවෙන් සිදුවිමට ගිය විශාල ජිවිත හානියක් අවම කර ගැනිමට හැකිවු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *