බීමතින් පැමිණි ජ’පුර කථිකාචාර්ය ‘ත්‍රීරෝද රථ දෙකක් සමග යතුරු පැදියකුත් හප්පා’ ජීවිතයක් බිළිගත් අයුරු

ඇරැව්වල ප්‍රදේශයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු විසින් බීමතින් පැදවූ සුඛෝපභෝගී ජීප් රථයක් ත්‍රීරෝද රථ දෙකක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් පාර මාරුවෙමින් සිටි විවාහක කාන්තාවක මරුමුවට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමත්ව සිටි බවද පොලිසිය සඳහන් කළා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පන්නිපිටිය, පැලැන්වත්ත පදිංචිව සිටි අවචින්ත ලියනගේ පොඩිනෝනා නමැති 65 හැවිරිදි කාන්තාවකි.

අය සිය සැමියා සමග ත්‍රීරෝද රථයෙන් ගමනක් ගොස් නිවෙස් බලා එන අතරතුර පාන් ගැනීමට ත්‍රීරෝද රථය මාර්ගය අයිනේ නතර කර පාර මාරුවීමට යෑමේදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබෙනවා.

මෙම අනතුරින් පසු කථිකාචාර්යා පැදවූ සුඛෝපභෝගී ජීප් ථය පෙරලී ඇතැයිද පොලිසිය සඳහන් කළා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

මීට අමතරව අනතුරින් යතුරුපැදිකරුවකුද බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *