වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරයි – පොලිස්පති අනිවාර්ය නිවාඩු

නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද පත් කර තිබෙනවා.

මේ අතර  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *