ව්‍යාපාරික ලෝකය ජය ගන්න අනුවර්තනය සහ වෙනස්වීම වැදගත්

තැනට සුදුසු ලෙස අනුවර්තනය වීමේ සහ වෙනස්ව සිතීමේ වැදගත්කම ව්‍යාපාරික ලෝකය ජය ගැනීම සඳහා ඉතා වැදගත් කරුණක් බව, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති නීතීඥ දිලිත් ජයවීර මහතා පැවසුවේය. ඔහු මේබව කියා සිටියේ ලේඛක ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න මහතා විසින් පරිවර්ථනය කරන ලද “දිවිමග දිනන මග” කෘතිය පිළිබඳව සංවිධානය කර තිබූ සුහද කතා බහේ ආරාධිත දේශනයක් පවත්වමිනි.

දිවි මග දිනන මග කෘතියේ අන්තර්ගතයෙහි වන අනුවර්තනය වීමේ සහ වෙනස්ව සිතීමේ වැදගත්කම ව්‍යාපාරික ලෝකය ජය ගැනීම සඳහා ඉතා වැදගත් කරුණක් බව පෙන්වාදුන් ජයවීර මහතා, අති සාර්ථක ව්‍යාපාරිකයකු වන්නටනම් මෙම කෘතිය කියවීමෙන් අනතුරුව ඊටත් වඩා වෙනස්ව සිතීම වඩා වැදගත් බව අවධාරණය කළේය.

“අපිට බටහිරින් එන සංකල්ප ඒ විදියටම පිළිගන්න බැහැ. ඒක අපේ සංකල්ප වලට ගැලපෙන්නේ නැහැ. නමුත් අපි ඒවා අපිට හරියට ගැලපෙන විදියට යොදා ගන්න ඕන. ඒක හරියට යටත් විජිත යුගයේ ගෙනා අර්තාපල් වලින් අපි අල හොදි හදාගත්ත වගේ අපේ දෙයක් කරගත යුතුයි.”

තමන්ගේකම එකමුතුව වැනි වටිනා ගුණාංග එක්කොටගෙන ජාතියක් ලෙස වෙනස්ව සිතිය යුතු බව දිලිත් ජයවීර මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගිය (15)දා පැවති මෙම උත්සවයට ගරුතර මහා සංඝරත්නය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඉහළ කලමණාකාරීත්වය සහ සාහිත්‍යකාමීහු අතිවිශාල පිරිසක් එක්ව සිටියහ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *