ඇෆ්ගනිස්තානයට ඓතිහාසික ටෙස්ට් ජයක්

2018 වසරේදී පළමු වරට ටෙස්ට් තරගයකට සහභාගි වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊට මාස 15 කට පසු ඓතිහාසික දෙවැනි ටෙස්ට් ක්‍රිකට් ජය ඊයේ (09 දා) බංග්ලාදේශයට එරෙහිව චැටග‍්‍රෘම් හිදී වාර්තා කළේය. එ් සත්කාරකයන්ට එරෙහිව ලකුණු 224 ක දැවැන්ත ජයක් ලබමිනි.

ඇෆ්ගනිස්තානය මීට පෙර ඉන්දියාව සමග මංගල ටෙස්ට් තරගයකට සහභාගි වුවද එහිදී ඔවුන් ඉනිමක සහ ලකුණු 262 ක දැවැන්ත පරාජයක් ලැබීය. ඉන් අනතුරුව අයර්ලන්තය සමග දෙවැනි ටෙස්ට් තරගය ඔවුන් ජය ගත් අතර ප්‍රධානතම ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව ලද පළමු ජයද මෙය වේ.

ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ පළමු ටෙස්ට් ශතකයද මෙම තරගයේදී වාර්තා කිරීමට රහමට් ෂා (102) පළමු ඉනිමේදී සමත් විය.

බංග්ලාදේශය අමාරුවේ දැමූ පා දග පන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන් ඉනිම දෙකේදීම කඩුලූ 11 ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයකු ටෙස්ට් තරගයකදී කඩුලූ දහයක් ලබාගත් පළමු අවස්ථාවද මෙය වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *