2011 ලෝක කුසලානය පාවාදුන් ලංකාවේ ‘ලොක්කෙක්’ වාහන කම්පැණියක් මිළට අරන්

ඉන්දියාව සමඟ 2011 වසරේදී පැවති ලෝක කුසලාන අවසන් තරගයේ පරාජයෙන් පසු ක‍්‍රීකට් පරිපාලන ප‍්‍රධානියෙකු විසින් මෝටර් රථ අලෙවි කරන සමාගමක් මිලදී ගත් බව එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා.

එම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුකරන ලද වෙනස්කම් ක්‍රීඩා ඇමති ලෙස තමන් දැන ගැනීමටත් පෙර ඉන්දීය මාධ්‍ය දැන සිටි බව ද ඔහු කියා සිටිනවා.

මෙම තරඟ පාවාදීම සම්බන්ධයෙන් තමන්ට ද ප්‍රබල සාක්ෂි ඇති බව පැවසූ ඔහු මේ සඳහා ක්‍රීඩකයන්ගේ සම්බන්ධතාවයක් ඇති බව තමන් නොපවසන බවද සදහන් කරනවා.

ඉංග්‍රීසි පුවත්පතක් වෙත සාකච්ඡාවක් දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එවකට හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සහ උප නායක මහේල ජයවර්ධන විසින් මෙම චෝදනාවට අභියෝග කරමින් පවසා ඇත්තේ එවන් සාක්ෂි ඇති නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරන ලෙසයි

You May also like

1 Comment

  1. තරග පාවාදීම සඳහා ක්‍රීඩකයින්ගේ සම්බඳතාවක් නොමැති නම් මෙය තරඟ පාවා දීමක් නොව ඔට්ටු ඇල්ලීම පමණක් බවත්. එසේම ඒ සඳහා දඬුවම් විඳිය යුත්තේ එම පුද්ගලයා පමණකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *