ලසන්ත වික්‍රමතුංගගේ දියනිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය ගොනුකළ පෙත්සමකට අදාලව එරට අධිකරණයක් විසින් අමෙරිකාවේ සංචාරයක නිරත ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත්කර ඇති බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙනවා.
එම පෙත්සම ගොනුකරමින් සදහන් කර ඇත්තේ සිය පියා වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවයි.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත්කර ඇති අතර මෙම සිතාසිය කැලිෆෝනියාවේ Traders Joe’s American Grocery Store නම් සුපිරි වෙළෙඳ සංකීර්ණයේදී ඔහුට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.