‘ප්‍රහාරක යානා 16ක්.. F-16 යානා 8ක්..R-73 දිගු දුර මිසයිලයක්..’ – පාකිස්තානයේ තොරතුරු හෙළිවේ(VIDEO)

පාකිස්ථානයෙන් එල්ල වූ ගුවනේ සිට තවත් යානයක් විනාශ කිරීමට යොදා ගන්නා R-73 වර්ගයේ අමෙරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල ප්‍රහාරයක් නිසා තම ගුවන් යානය විනාශවූ බව ඉන්දිය ගුවන් හමුදා නිළධාරින් මාධ්‍ය වෙත හෙළිදරව් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පාකිස්ථානය F-16 යානා මෙම ප්‍රහාරය සඳහා යොදාගත් බවයි.

එයාර් වයිස් මාර්ෂල් කපුර් කළ හෙළිදරව්ව පහතින් කියවිය හැකියි.

“ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් විනාශ කිරීමට සහ දේශ සිමා ප්‍රහාර සඳහා පාකිස්ථානය විසින් යොදා ගනු ලැබුවේ අමෙරිකාවේ නිෂ්පාදිත F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා .ගුවනේ සිට තවත් යානයක් විනාශ කිරීමට යොදා ගන්නා R-73 වර්ගයේ අමෙරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල ප්‍රහාරයක් නිසා අපේ ගුවන් යානය විනාශවූණා.

මෙම ප්‍රහාරයට සඳහා ඔවුන් ප්‍රහාරක ගුවන් යානා 16ක් යොදා ගනු ලැබුවා. එයට F-16 ගුවන් යානා 8ක් ද ඇතුලත්. අපි සතුව සාක්ෂි තිබෙනවා. කෙසේ වුවත් ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවන අපගේ ගුවන් නියමුවා යළි භාරදීමට පියවර ගැනීම සතුටට කරුණක්. ඔහු යලි පැමිණි පසු ඉදිරියේදී වැඩි විස්තර ලබා දීමට පියවර ගන්නම් .”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *