රාජපක්ෂ පවුල් ගසට වඩා ප්‍රබල පවුල් ගස

රාජපක්ෂ පවුල් ගසට වඩා ප්‍රබල පවුල් ගසක් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් බැංකු පද්ධතිය පුරා පතුරුවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන් කබ්රාල් පවුල් ගස මෙසේය.

පළමු ඥාති සහෝදරයා වන නිහාල් ෆොන්සේකා – ඩීඑෆ්සීසී සහ කොමර්ෂල් බැංකුවේ සහ වර්ධන බැංකුවේ කොටස් හිමියෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

බිරිය වන රෝෂිණී කබ්රාල් ලංකා හොස්පිට්ල්ස්හි අධ්‍යක්ෂවරියකි.

බැදුම්කර වංචාවට සම්බන්ධ පරුපචුවල් සමාගාමට බලපත්‍රය හිමිවන්නේ මේ සමයේදීය. කබ්රාල් සහෝදරිය වන ශිරෝමී වික්‍රමසිංහ එහි අධ්‍යක්ෂවරයික විය.

ලේලිය වන ශිගානි රේණු තම්බයියා ඩීඑෆ්සීසී බැංකුවේ අධ්‍යක්ෂවරියකි.

මස්සිනා වන රවීන්ද්‍ර තම්බයියා ඩීඑෆ්සීසී බැංකුවේ අධ්‍යක්ෂවරයෙකි.

මස්සිනා වන සුනිල් විජේසිංහ එන්ඩීබී බැංකුවේ සභාපති සහ කොටස් හිමියෙකි.

මස්සිනා වන රමෙල් විජේසිංහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකි.

ඥාති සොයුරිය වන ධාරා විජේතිලක සම්පත් බැංකුවේ අධ්‍යක්ෂවරියකි.

මෙම බැංකුවලින් බහුතරයක් මහබැංකුවේ නියාමනය යටතේ පවතින ඒවාය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *