ආණ්ඩුව සමාජය බිය වද්දන්න උත්සාහ කරනවා -අනුර

රටතුළ නැවත ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කිරිමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් කටයුතු කරමින් සිටින බවට අණ්ඩුව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ, පක්ෂ මුලස්ථානයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“රට පුරා හැමතැනම ජනතාව තමන්ගේ සාධාරණ ගැටලුවලට විසඳුම් ඉල්ලලා හඬ නඟන්න පටන් ගෙන තියෙනවා. දැන් ආණ්ඩුව මොකද්ද කරන්න ඕනේ. එක්කෝ මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕනේ. එක්කෝ ආණ්ඩුව දාලා යන්න ඕනේ. හැබැයි ආණ්ඩුව දැන් උත්සාහ කරමින් තිබෙනවා රට තුළ තවත් නව පන්නයේ වියවුලක් නිර්මාණය කරන්න. 2022 ජූනි මාසයේ 27 වනදා ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂණක අමාත්‍යාංශය අමතලා, සී.ඩී වික්‍රමරත්න පොලිස්පතිතුමා විසින් යවන ලද ලිපිය. “ඉදිරියේ දී ප්‍රාදේශීය මන්ත්‍රීවරු ඇතුළු දේශපාලඥයින් ඉලක්ක කරගෙන ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ අපි තවත් විරුද්ධ පක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ආණ්ඩුව කරුණු ඉදිරිපත් කරනවා.” ආණ්ඩුව උත්සාහ කරනවා සමාජය බිය වද්දන්න. දේශපාලන ව්‍යාපාර වෙත විවිධ ලේබල් අලවන්න. ඒ නිසා මේ ලිපිය අපේ පාර්ශවයෙන් අපි බැහැර කරන ගමන්, ඉතා පැහැදිලිව ඉදිරි දින කිහිපයේ දී මේ උද්ඝෝෂණ ඉතාමත් තීව්‍ර මට්ටමකට ඒවට සමාජ පසුබිමක් නිර්මාණය වෙමින් තියෙනවා. මේකට මුහුණදීම සඳහා ආණ්ඩුව හදලා තියෙන විහිළු ජනක ප්‍රකාශයක් හැටියට තමා අපි මේක දකින්නේ. මැයි 9 වනදා සිදුවීම ආණ්ඩුව විසින් කරන ලද කුමන්ත්‍රණයක් දැයි සැකයක් පවතිනවා. ඒ නිසා නැවතත් අපිට සාධාරණ සැකයක් පවතිනවා හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා වගේ තමන් සැලසුමක් දියත් කරලා තියෙනවා ඒ සැලසුම සාධාරණීකරණය කරගන්න යම් දේශපාලන ව්‍යාපාර ඉලක්ක කර අවලාද නැගීමේ කුමන්ත්‍රණයක් තිබේ ද යන සැකය අපිට තියෙනවා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *