හම්බන්තොටින් ගෙනා බවට පැතිරෙන ‘ඇමති අකිලගේ වාහනයේ’ ඇත්ත කතාව (VIDEO)

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගෙන්වන ලද වාහනයක් හම්බන්තොට වරාය ඔස්සේ මෙරටට ලැබී ඇති බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යමින් තිබෙනවා.

ඒ සඳහා සාක්ෂි වශයෙන් Land Cruiser V8 වාහනයක ඡායාරූපයක් සහ අමාත්‍යවරයාගේ නම සඳහන්ව ඇති අලවන ලද කොලයක් ද එම ප්‍රචාර සඳහා යොදාගෙන ඇති බව දක්නට ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රී රජයේ රුපවාහිනී නාළිකාවක වැඩසටහනකට සහභාගිවෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කරුණු දැක්වූ අතර ඔහු එහිදී සඳහන් කළේ සංවිධානාත්මකව මෙම අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි.

2017 වසරේ පෙබරවාරි මාසයේ ද මෙම ඡායාරූප පෙළම ෆේස්බුක් වෙත එක් කර තිබූ අතර මෙවර එක් කර ඇති ඡායාරූපපෙළට 2019 යනුවෙන් දිනය එක් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එය පැහැදිලි කළ ආකාරය පහතින් නැරඹිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *