සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ලබන 13 සහ 14 යන දිනවල දිවයින පුරා පිහිටි සියලු සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම කාලසීමාව තුල සිදුවන සුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය අපරාධ වලට සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ 1913 දුරකථන අංකය පැය 24 පුරා මහජනතාවට විවෘතව තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.