බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවල දැන් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මකයි

බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවල දැන් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය රොබට් ජින්රික් මහතා පවසනවා.

කොරෝනා වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා මෙම පියවර ගත් බව මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා.

මෙය පෙර නොවූ විරූ පියවරක් වනු ඇති බවත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය රජය මෙවැනි දෙයක් සිදුකර නොමැති බවත් ඔහු පවසනවා.

මෙම තීරණය අනුව මුළු රට පුරා උපායමාර්ගික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන පිහිටුවීම සිදුවනවා.

පවතින තත්ත්වය හමුවේ දැඩි අසීරුතාවට ලක්වී සිටින පුද්ගලයින් වෙනුවෙන් පිරිනමන මුල්ම ආහාර මළු 50,000 මෙම සතියේදී ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 19,522 ක් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *