සර්වපාක්ෂික සමුළුව අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් අද (26) වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි.

එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *