දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල වැසේයි

දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සියලු කතෝලික පාසල් ද රජයේ තීරණය අනුව යමින් නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *