කොළඹ ජාතික රෝහලේ සියලුම ශල්‍යකර්ම අවලංගු කෙරේ

කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියලුම ශල්‍යකර්ම අවලංගු කර තිබේනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ නමුත් තවදුරටත් හදිසි ශල්‍යකර්ම සිදු කරමින් පවතින බවද ඔහු පැවසුවා.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝගී අංශය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් පැවසූ ඔහු කොරෝනා ආසාදිතයන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවද කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *