අද හසුවූ රෝගීන් තිදෙනාම ‘කොරෝනා වැළඳුණු රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයා’ ඇසුරු කරලා

අද (08)දිනයේදී මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් තිදෙනා මීට පෙර රත්නපුරින් වාර්තා වූ රෝගියා සමීපව ඇසුරු කළ අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

මැණික් ව්‍යාපාරිකයෙකු වූ එම කොරෝනා රෝගියා අවමංගල්‍ය උත්සව,මැණික් ව්‍යාපාරික කටයුතු අවස්ථා රැසකටම සහභාගී වී තිබුණා.

රත්නපුර ප්‍රදේශයේ පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා ගැන වාර්තා වීමත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම මැණික් ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කළ අතර බොහෝ දෙනෙකු නිරෝධායනයට ලක් කළා.

දේශීය හා විදේශීය මැණික් ගැනුම්කරුවන් විශාල පිරිසක් මැණික් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන බැවින් වයිරසය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැඩි හෙයින් මෙම තීරණය ගනු ලැබුවා..

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *