පකිස්තානය කාශ්මීරයේ ත්‍රස්තවාදය අවුස්සන බවට චෝදනා

කාශ්මීර මිටියාවත පිළිබඳ ගෝලීය ප්‍රතිරූපය හීන කිරීම ඉලක්ක කරගත් පාකිස්තානයේ ප්‍රචාරණය නතර කිරීමට ඉදිරියට එන ලෙස ලන්ඩනයේ වෙසෙන කාශ්මීර ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී නගර් පදනම් කරගත් ලේඛකයකු පාකිස්තානයේ සැබෑම තත්ත්වය හෙළිදරව් කර ඇති බව Asian Lite News වාර්තාවක් පෙන්වා දී තිබේ.

කාශ්මීර ක්‍රියාකාරිකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන බෂීර් අසාද්, ලන්ඩන් හි පැවති සංවාදයක් අතරතුර මේ බව සඳහන් කරමින් පවසා ඇත්තේ පාකිස්තානය විසින් දිගින් දිගටම කාශ්මීරයේ ත්‍රස්තවාදය අවුස්සමින් සිටින බවයි.

බෂීර් මේ බව සඳහන් කළේ ඔහුගේ නවතම කෘතිය වන “කාශ්මීර යුද්ධය එහි ආඛ්‍යානය සහ දෘෂ්ටිකෝණය” පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලන්ඩනයේ දකුණු මධ්‍යම ආසියානු ශාස්ත්‍රීය සංසදය (SCAAF UK) විසින් සංවිධානය කළ කතිකාවක දී ය.

පකිස්තානයේ ප්‍රචාරණ හස්තය, මිටියාවතේ තරුණයන් රැඩිකල් කිරීම සඳහා ඉස්ලාමීය රාජ්‍ය පිළිබඳ අදහස පතුරුවා හරිමින් සිටින බව කතුවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මිටියාවතේ කාන්තාවන් සහ ළමුන් භීතියට පත් කිරීම සඳහා පාකිස්තානය සටන්කාමීන් ආයුධයක් ලෙස භාවිතා කරන බවත් පාකිස්තානය ඔවුන්ගේ මව්වරුන්ට සහ සහෝදරියන්ට තර්ජනය කරමින් සටන්කාමීන්ට සම්බන්ධ වීමට තරුණයින්ට බල කරන බවත් මෙම සංවාදය අතරතුර අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරීන් අවධාරණය කළ බව මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

You May also like

Leave a Reply

Your email address will not be published.