මාකඳුරේ මධුෂ් සහ අමල් ඇතුළු පිරිස වසරක් රිමාන්ඩ් ?

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 16 දෙනකු අද(28) එරට මහාධිකරණයට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම සැකකරුවන් වෙනුවෙන් එරටට ගොස් සිටින නීතිඥවරු පවසනවා.

ඩුබායි හෝටලයක රාත්‍රි සාදයක් අවස්ථාවේ අත් අඩංගුවට ගනු ලැබු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වු මාකදුරේ මධුෂ් ඇතුළු මෙරටට අවශ්‍ය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණනාවක් මෙන්ම මෙරට කලාකරුවන් වු අමල් පෙරේරා ඇතුළු තවත් කලාකරුවන් ද සහිත තිහකට වැඩි පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිනවා.

මෙරටින් එරටට ගොස් සිටි නිතිඥවරුන්ගේද සහාය මත සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටිමට එරටින් සහ ඉන්දියාවෙන් නිතිඥවරුන් සුදානම් කර ඇති අතර මෙම එක් නිතිඥවරයෙක් වෙනුවෙන් මෙරට මුදලින් රුපියල්කෝටි දෙකකට වැඩි මුදලක් එක් වාරයක් සඳහා පමණක් ගෙවිය යුතු බවට ද තොරතුරු ලැබි තිබෙනවා.

එරට අධිකරණය ට මෙම පිරිස අද දින ඉදිරිපත් කළහොත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මුලික විමසිමක් පමණක් සිදුවිය හැකි බවත් ඉදිරියට තවදුරටත් මෙහිදි නිදහස් විය යුතුව ඇති පිරිස පමණක් නිදහස් කර සෙසු පිරිස යළි රිමාන්ඩ් බාරයට පත් කර තවත් වසරකින් පමණ මේ නඩුව විභාගයට ගැනිමට ඉඩ ඇති බවත් වාර්තා වනවා.

ඊට හේතුව වශයෙන් වාර්තා වන්නේ මේ වන විට එරට මහාධිකරණ ය හමුවේ විභාග වෙන්නේ 2017 ඉදිරිපත් වු පැමිණිලි සම්බන්ධ නඩු විභාගයන් වීමයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *