මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා අනිද්දා දින යළි අධිකරණයට ඉදිරිපත් කරන අතර එහිදී තවත් මසකට ඔවුන්ගේ රක්ෂිත කාලය දීර්ඝ විය හැකි බවට නීතිඥවරයා සඳහන් කරයි. ඩුබායි පොලීසිය සිදුකරමින් පවතින විමර්ශන අවසන් නොවීම හේතුවෙන් මෙලෙස රක්ෂිත කාලය දීර්ඝ වනු ඇති බව ඔහුගේ අදහස වන අතර තමන් යළිත් එළඹෙන 2 වන දා ඩුබායි වෙත ගොස් අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පොලීසියට කරුණු ඉදිරිපත් කරන බව නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි වැඩිදුරටත් සඳහන් කළේය.