අමල් පෙරේරාගේ රුධි‍රයේ කොකේන්

ඩුබායිහි සාදයකදී අත්අඩංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදූෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රොයන්ගේ රුධිර සාම්පලවල විෂ මත්ද්‍රව්‍ය අඩංගුවී ඇති බව හෙළි වී ඇතැයි වාර්තා වනවා.

මෙම සාදයේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් තිස් එක් දෙනාගෙන් ලබාගත් රුධිර සාම්පලවල කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට එරට සිදු කරන ලද පරීක්‍ෂණයෙන් අනාවරණය තිබේ. ඔවුන් හෙට ඩුබායිහි පිහිටි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සදහන්. කෙසේවෙතත් මාකදුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ මුදාහැර ඇතැයිද ඩුබායි නුවරින් වාර්තා වනවා.

ඔවුන්ගේ ශරීරයේ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති බව අනාවරණ වී තිබේ. නිදහස් වු පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.

මේ අතර මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් දිවයිනට ‍රැගෙන ඒම සදහා තවමත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා සරෝජා සිරිසේන අප වෙත කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *