මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ

ඔහු අවුරුදු 32ක් වන මාදෙල්ගමුව පදිංචි පෙදරේරුවෙක්.

සැකකරු අද (23) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 32කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *