පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් නාලක සිල්වාගේ නිවසට පෙරේදා රාත්‍රී 11.30 ට පමණ යතුරුපැදි වලින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේ අදාල මන්ත්‍රීවරයා සිය සොහොයුරිය සමග නිවස ආලින්දයේ සිට ඇති අතර පිරිස පැමිණ වෙඩි තබනාවාත් සමග නිවස තුලට දිවගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති අතර නිවසේ ඉදිරිපස බිත්තියට සහ අසල නවතා තිබූ ජීප් රථයට ඉන් හානි සිදුවී තිබෙනවා.
මෙම වෙඩි තැබීම සදහා යතුරුපැදි වලින් පුද්ගලයින් 08 දෙනෙකු පැමිණ ඇති බවත් කරන්දෙණිය පොලිසියේ සේවයේ නියතු පොලිස් සැරයන්වරයෙකුද ඒ අතර වන බව මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ එම නිලධාරියාගේ ඥාතියෙකු වන අතර පසුගිය දා එම පුද්ගලයාගේ නිවස අසල දී ඔහු හා මන්ත්‍රීවරයාගේ පුතුන් දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදුව ඇතැයිද අනාවරණවී තිබෙනවා.