කෙසෙල්වත්ත ප්‍රදේශයේ තරුණයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පාතාලයේ ප්‍රධාන පෙළේ අපරාධකාරයකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ සමීපතම ගෝලයකු බව කියන පොට්ට ඉර්ෆාන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු මත්කුඩු භාවිතයට තදින් ඇබ්බැහිවූ අයකු වන අතර මොහු මෙම තරුණයාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර ඇත්තේ හෙරොයින් ග්‍රෑම් දෙකක් ලබාගැනීමට බව ද විමර්ශනවලින් හෙළිවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉකුත් පෙබරවාරි 17 වැනිදා රාත්‍රි කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අසංක නමැති පලතුරු ව්‍යාපාරිකයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර තිබුණු අතර කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයාගේ නියෝග මත මොහු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පසුව දිනුකගේ ගෝලයන් විසින් පොට්ට ඉර්ෆාන් නමැති මෙ සැකකරුට හෙරොයින් ග්‍රෑම් 2 ක් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළා.
කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයකු බව කියන පොට්ට ඉර්ෆාන් නමැත්තා කොල්ලකෑම්, කප්පම් ගැනීම්, මිනිමැරීමට තැත් කිරීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව විමර්ශන වලින් හෙළිවී තිබෙනවා.
කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයා ඩුබායි දේශයේ සැඟවී සිටිමින් කොළඹ පාතාලය මෙහෙයවන අතර ඔහු තම විරුද්ධවාදීන් විනාශ කිරීම ආරම්භ කර ඇති බවද පොලිසිය පවසනවා.