ස්තූතියි මල්ලි මේක ඇන්දුවට – යුරේනිගෙන් පිළිතුරක්

පසුගිය කාලය පුරාවටම යුරේනි හිරු ස්ටාර් හි ඇදන් සිටි ඇදුම නිසා බෙහෙවින්ම කතා බහට ලක් විය. නිරතුරු පුවත් මවන්නියක් වන යුරේනි නොෂිකා ෆේස්බුක් එකේ කෑම හදන තරුණයා චරිත් එක්ක ඇතිවූ කතාබහක් නිසා පසුගිය දා සමාජ මාධ්‍යන් තුල බෙහෙවිම කතා බහට ලක් විය.

ඉන් පසුව යුරේනි ගැන වැඩියෙන්ම කතා වූයේ ඇයගේ අලුත්ම ඇඳුම් විලාසිතාව නිසය. එහිදී විවිධ ප්‍රතිචාර ඇයට ඇයගේ රසිකයන් ලබා දුන්නේය.

ඒ අතරේ ළමා සාරියක් යොදා එඩිට් කල ජායා රූපයක් ද සමාජ මාධ්‍යයේ බෙහෙවින්ම කතා බහට ලක් විය. තමන්ගේ රුව මෙලෙස සංස්කරණය කිරීම ගැන යුරේනි ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ මෙවැන්නක්,

“මේකනම් කියලාවත් කරගන්න බැරි වැඩක්, මල්ලි ඒක කරලා තියනවා. ස්තුතී මට ළමා සාරියක් ඇන්දුවට බලන්න කෙල්ලගේ තියන සිරියාවන්ත කම”. යනුවෙන් ඇය විසින් අපුරු සටහනක් සිය මුහුණු පොතේ සටහන් කර ඇත.

කොහොමවුණත් යුරේනි කියන්නේ හැමදාමත් කතාබහට ලක්වෙන චරිතයක් වගේම ඇය කියන්න තියෙන මූණටම කෙළින් කියන චරිතයක්මු. බෙහෙවින්ම මිත්‍රශීලි ඇය ඕනෑම දෙයක් සිනාමුසු මුහුණුන් බාර ගන්නා තරුණියක්. විලාසිතා මවන්නියක් වන ඇය විලාසිතා වලට දක්වන්නේ පුදුමාකාර කැමැත්තක් ඒ නිසාම ඇයගේ විලාසිතා බෙහෙවින්ම කතා බහට ලක් විය. විවිධ අවස්ථා වලදී කිනම් විදියේ කතා ගෙතුණත් ඇය තමන්ගේ පාඩුවේ යන ගමනක් ද ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *