පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ නිවසේ අවි ගබඩාවක්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇත.

එම ගිනි අවි අතර පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුනාගත නොහැකි ගිනිඅවියක් තිබෙන බවත් පොලිසිය පවසයි.

බෝම්බ තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

අනතුරුව පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *