පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වෙලා

පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩකටයුතු සඳහා තාවකාලික පදනමින් බඳවාගත් සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ ඊයේ සවස සිදුකරන ලද කොවිඩ් පරීක්ෂණයකදීයි.

මේ සමඟ ඔහු සමීපව ආශ්‍රය කළ ක්‍රීඩාංගණයේ තවත් සේවකයින් 10ක් නිරෝධායනය සඳහා යොමුකළ බවයි බලගොල්ල පොලිසියේ නිලධාරියෙක් පවසා සිටියේ.

ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හෝ බංගලාදේශ කණ්ඩායම සමඟ කිසිදු සෘජු සම්බන්ධතා පවත්වන්නන් නොවන බවත් එබැවින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *