මාස 3 කට පසු පිටියට පිවිසි මැතිව්ස් ලකුණු 4යි

පාදයේ ආබාධයකට ලක්ව සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මාස 03කට පසු ඊයේ (04) යළි ක්‍රිකට් පිටියට පිවිසියා. ඒ, අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහායි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ ක්‍රීඩා කළේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිවයි. කෙසේවෙතත් මෙම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මැතිව්ස්ට හැකිවූයේ නැහැ.

මෙම තරගයේදී මැතිව්ස් රැස් කළේ ලකුණු 04ක් පමණයි. ඉකුත් දෙසැම්බර් මස නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුරදී මැතිව්ස්, ආබාධයකට ලක්වූ අතර මේ හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියට ද සහභාගී වීමටද අවස්ථාව හිමිවූයේ නැහැ.

මේ අතර ඊයේ පැවැති තරගයේදී මැතිව්ස් නියෝජනය කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කඩුළු 3 කින් පරාජය කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 220 ක් රැස් කළා. බදුරලිය ක්‍රීඩා සමාජය 43වන පන්දුවාරයේ දී එම ඉලක්කය හඹා යමින් ජය වාර්තා කිරීමට සමත්වුණා.

Angelo Mathews returns from injury but Colts lose

Angelo Mathews returns from injury but Colts lose

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *