ඇන්ජලෝ මැතිව්ස් 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

මැතිව්ස් එංගලන්ත කණ්ඩායමට එරෙහිව රැස්කරගත් තෙවන ශතකය මෙයයි.

මෙය ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රැස් කළ පළමු ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

ඔහු මේවන විට ලකුණු 101ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.

මෙම තරගයේ කාසියේ වාසි දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 4ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 214ක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *