අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සර්ව රාත‍්‍රික පිරිත් පිංකමක් සංවිධාන කර තිබෙනවා.
මෙය සංවිධානය කර ඇත්තේ ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය නිමිත්තෙන් බවයි වාර්තා වන්නේ.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ රැඳවූවන් 10 දෙනෙකු විසින් මෙහි පිරිත් සජ්ජායනා කරනු ලබනවා.
අද (20) රාත‍්‍රී 08.00ට පිංකම ආරම්භ කරන අතර පිරිත් සජ්ජායනය සඳහා මණ්ඩපය ඉදිකර තිබෙන්නේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේයි.
මණ්ඩපය සැකසීම සහ සෙසු සියලු සැරසිලි ද රැඳවූවන් විසින්ම සිදු කරනු ලැබුවා.