කොළඹ බසයේ මිනී මැරුමක් – කොන්දොස්තර ගමන් ගන්නා බසයේ දීම තවත් කොන්දොස්තර වරයෙක්ට පිහියෙන් අනී

වැලිගම පැලෑන ප්‍රදේශයේදී පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට තවත් කොන්දොස්තරවරයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා.

මාතර සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථයක සේවකයෙකු මෙලෙස ඝාතනය කර ඇත්තේ එම බස් රථයේම පැමිණි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ පස්වරු 3.50ට පමණ තියුණු ආයුධයකින් ඇනීමෙන් බරපතල තුවාල ලැබූ කොන්දොස්තරවරයා වැලිගම වලාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරු කර යැවුණු අතර එහිදී මියගොස් තිබෙනවා.

මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේම පැමිණ ඇති සැකකරු පැලෑන වටරවුම ප්‍රදේශයේදී  කොන්දොස්තරවරයාට තියුණු ආයුධයෙන් ඇන බස් රථයෙන් බැස පළාගොස් ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා අදාළ බස් රථයෙන්ම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හක්මණ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් වන අතර ඔහු එම බස් රථයේ හිමිකරු බවට ද අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 7 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඇතිවූ බව කියන ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *