ඇෆ්ගනිස්තානයට ඉන්දියාවෙන් තවත් තිරිගු තොගයක්

ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලබා දීමේ ප්‍රයත්නයේ දිගුවක් ලෙස ඉන්දියාව විසින් පිරිනමන මීළඟ තිරිඟු මෙට්‍රික් ටොන් 3000, ඇෆ්ගනිස්ථානයට යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පවසා තිබේ.

ට්විටර් පණිවුඩයක් තබමින් ඔහු පැවසුවේ ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 33,500ක් නැව්ගත කිරීම සාර්ථකව නිම කර ඇති බවයි.

මැයි මාසයේදී ඉන්දීය රජයේ මානුෂීය ආධාර ලෙස තිරිඟු මෙට්‍රික් ටොන් 2,000 ක තොගයක් අට්ටාරි-වාගා දේශසීමාව හරහා ඇෆ්ගනිස්ථානයට යැවීමට ඉන්දියාව කටයුතු කරනු ලැබීය.

ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ලබාදීමට ඉන්දීය රජය පොරොන්දු වී ඇති අතර ඒ යටතේ තිරිඟු මෙට්‍රික් ටොන් 10,000ක් දැනටමත් ඇෆ්ගනිස්ථානය වෙත ළඟා වී ඇතැයි වාර්තා වෙයි.

පාකිස්තාන රජය 2021 නොවැම්බර් මාසයේදී, ඉන්දියාවේ සිට වාගා දේශ සීමාව හරහා ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලෙස තිරිඟු පිටි සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 50,000ක් ප්‍රවාහනය කිරීමට අනුමැතිය ලබා දුන්නේය.

මානුෂීය ආධාර ප්‍රවාහනය සඳහා ලබා දී ඇති කාල සීමාව 2022 මාර්තු 21 දිනෙන් අවසන් විය.

කෙසේ වෙතත්, ප්‍රවාහන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා කාල සීමාව දීර්ඝ කරන ලෙස ඉන්දීය රජය ඉල්ලා සිටි අතර ඉන් පසුව එම ආධාර ප්‍රවාහනය කිරීම සඳහා ඉන්දියාවට ලබාදුන් කාල සීමාව මාස දෙකකින් දීර්ඝ කිරීමට පාකිස්තානය පියවර ගෙන තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published.