බීමත්ව සිටීමෙන් තවත් අනතුරක්

බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇත.

ඊයේ (27) සවස 2.30ට පමණ එම අනතුර සිදුව ඇති බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ මහවිල ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකු වන බව අප වාර්තාකරු සඳහන් කරයි.

අදාළ පුද්ගලයා පෞද්ගලික දුරකථන සමාගමක රියදුරු ලෙස කටයුතු කර ඇති අතර, රාජකාරි කටයුත්තක් සඳහා බදුරලිය ප්‍රදේශයට ගොස් නැවත බණ්ඩාරගම දෙසට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව ඇත.

අනතුරින් වෑන් රථයේ රියදුරුගේ පාදවලට බරපතළ හානි සිදුව ඇති අතර ප්‍රතිකාර සඳහා පානදුර මුලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කළ පුද්ගලයා බීමතින් සිට ඇති බවට වෛද්‍යවරු විසින් පොලීසියට දැනුම් දී ඇත.

අසල තිබු වෙළෙඳසැලක සවිතර ඇති CCTV කැමරාවක අනතුර වන ආකාරය සටහන්ව තිබුනා.

මේ අතර ඊයේ දිනය (27) තුළ දිවයින පුරා සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඉන් පුද්ගලයින් 6දෙනෙකුම යතුරුපැදිකරුවන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *