කන්දකාඩු සිටි තවත් රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙක්

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් රැඳවියෙකු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ විදේශයන්හි සිට පැමිණි 13 දෙනෙකු ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි. එම පිරිස අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙකු, කුවේට් සිට පැමිණි 07 දෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු ඇතුළත්.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 3,313 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතයින්ගෙන් 3,118 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 182 දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *