තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් සියලුදේ අතහැර නික්ම යයි. ඔබට සුභ ගමන් උදාරි.

පසුගිය කාලසීමාව මුළුල්ලේම අපි ආදරය කරන කලා ලෝකයේ තරු කිහිපදෙනෙක්ම විදෙස් ගත වුණු පුවත් අපිට අසන්නට ලැබුණා.

ඒ වගේම විදෙස් ගත වන්නට බලාපොරොත්තුවෙන් සිටින අපි ආදරය කරන කලා තරු ගැනත් පුවත් මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා.

ඉතින් මේ විදිහට කලා ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සිනමා නිර්මාණවල නිරත දැක ගන්නට ලැබුණු ජනප්‍රිය රංගන ශිල්පී උදාරී වර්ණකුලසූරිය විදෙස් ගත වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඇය මේ බව සදහන් කරමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයක් එක් කර තිබුණා.

උදාරී වර්ණකුලසූරියගේ සැමියා සහ දරුවා අයිස්ලන්තයේ වාසය කරන අතර සිනමාවට තියෙන ලැදිකම නිසාම උදාරී ලංකාවට පැමිණ සිනමා නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දුන්නා.

සිනමා ක්ෂේත්‍රයේ නැතුවම බැරි නිලියක්ව සිටි උදාරිගේ විදෙස් ගත වීම ඇයට ආදරය කරන සිනමා ලෝලීන්ට නම් කණගාටුදායක පුවතක්.

කෙසේ වෙතත් ඇය නැවත වරක් ලංකාවට පැමිණෙන බලාපොරොත්තුවෙන් විදෙස් ගත වන බවයි ඇය විසින් එක් කළ ෆේස්බුක් ඡායාරූපයෙන් සහ සටහනෙන් සදහන් වෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *