අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ එහි කැඳවුම්කරු ඇතුළු 10 දෙනෙකුට එරෙහිවයි.
මෙම උද්ඝෝෂණය තුළින් මහජනතාවට හිරිහැරයක් වන බව පවසමින් කොටුව පොලීසිය ඊට අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා සිටියා.
එහිදි මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සාමකාමී උද්ෂෝණ පැවැත්විය හැකි නමුත් මහජනතාවට අවහිරයක් පීඩාවක් වන අයුරින් හා පොදු දේපළවලට හානි කරමින් උද්ඝෝෂණ කළ නොහැකි බවයි.
ඒ අනුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය, ගාලු මුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුලු වීම වළක්වාලමින් උද්ඝෝණකරුවන්ට වාර නියෝගයක් නිකුත් කෙරුණා.
අදාළ නියෝග කඩ කරන්නේ නම් එම උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.