ජනතා විමුක්ති පෙරමුණ විසින් බිහිකරනු ලබන ආණ්ඩුවක් යටතේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 25 දෙනකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකු පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එම ආණ්ඩුව යටතේ අධ්‍යාපනය සෞඛ්‍යය ආර්ථිකය ආදී විවිධ විෂයයන් ඒ සම්බන්ධ විෂයන්ට ප්‍රවීණයන් කණ්ඩායමට භාර දෙන බවද අමාත්‍ය මණ්ඩලය රට පාලනය කරනු ඇති බවද ඔහු පැවසීය.
සෞඛ්‍ය විෂයද නලින්ද ජයතිස්ස, නිහාල් අබේසිංහ වැනි අයගේ කණ්ඩායමක් ද ආර්ථික විෂය සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වැනි පිරිස් විසින් ද පාලනය කරනු ඇති බව ද ඔහු කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
මේ අතර තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් දේශලනඥයන්ට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ඔහු රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.