ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂයට 113ක බහුතරයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ සිටින වෙනත් එකගවිය හැකි කණ්ඩායම් සමග එකතු වී ආණ්ඩුවක් පිහිටවන බව ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ජනතාව විපක්ෂයේ නියෝජනය කිරීම සඳහා බලය ලබා දුනොහොත් විපක්ෂයේ වාඩිවෙන බවද පැවසූ ඔහු ආණ්ඩුවක් දෙන්න බලාපොරොත්තුවෙන් ඡුන්දය දුන්නත් 113 ලැබී නැතිනම් එකඟ විය හැකි එකතු කරගත හැකි කණ්ඩායම එක් කරගෙන ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවක් අතරතුර එහි අයෙකු විසින් විමසූ පැනයකට පිළිතුරක් ලෙසය.