ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ස්වාධීන පුද්ගලයෙකු නොවන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය.
ඔහු ප්රකාශ කළේ, නිමල් පුංචිහේවා මීට පෙර කුමන පක්ෂවලට සහය දුන්නේ ද යන්න තමන් දන්නා බව ය.
ඒ අනුව, ඔහු ස්වාධීන පුද්ගලයෙකු නොවන බවට අනුර කුමාර දිසානායක චෝදනා කළේ ය.
මැතිවරණ කල් දමන්නේ කාගේ වුවමනාව වෙනුවෙන් ද යන ප්රශ්නයට පිළිතුරු දිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්රීවරයා සඳහන් කළේ ය.