සුනඛයෙකුට සැප සේ ජිවත් විය හැක්කේ ශක්තිමත් හාම්පුතෙක් ලඟ පමණයි – අනුර

විධායක ජනාධිපති තනතුරට කැමත්තෙන් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ රැකවරනයේ වැඩෙන තනි දේශපාලන ශක්තික් නොමැති පක්ෂ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සුනඛයෙකුට සැප සේ ජිවත් විය හැක්කේ ශක්තිමත් හාම්පුතෙක් ලඟ පමණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේ ජන හමුවක් සඳහා සහභාගීවිමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින්ය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා,

විසිවෙනි සංශෝදනය හරියට කියවලා නැති විසිවෙනි සංශෝධනය ගැන අබමල් රේනුකවත් අවබෝධයක් නැති අය තමයි චෝදනා කරන්නේ විසිවෙනි සංශෝධනය ඉදරිපත් කරන්නේ ඡනද කල් දාන්න කියලා.

විසිවෙනි සංශෝධනය සම්මත වුනොත් තමයි පාර්ලිමෙන්තු මැතිවරණයකට යාහැකි වන්නේ. එසේ නොවන්නේ නම් 2020.09.20 දක්වා මේ පාර්ලිමේන්තුවට කල් තියෙනවා.

හැබැයී විසිවෙනි සංශෝධනය සම්මත වු වහාම පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමේ හැකියාව ඇති වෙනවා.

ඒ නිසා ඒ හරහා පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මන් වීම තමයි සිදුවන්නේ.

ඉතිං ඉක්මන්වීම කල් යාමක් ලෙස අර්ථකතනය කිරිමට තරම් දේශපාලන අවබෝදයක් නොමැතිවීම පිළිබදව අපි කනගාටු වෙනවා.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා 2005, 2010, 2015 ජනාධිපතිවරණවලදී විධායක ජනාධිපති තනතුර අහෝසි කිරිමේ පිළිබදව එකගතාවයක් ජනතාවට ලබාදුන්නා.

ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ වුවමනාව ජනතාවට පැහැදිලි කලා. ඒ වගේම මීට සතියකට පමණ පෙර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කල යුතුයි කියන ස්ථාවරයත් ඒ සදහා කිසිදු ජනතාවක් විරෝධයක් නොදක්වන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත්කොට තියෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවනේ වැජඹෙන දේශපාලන පක්ෂ ඔවුන්ට තනි අධිකාරියක් බලයක් සහිත ජනාධිපති ධූරයක් නැතිව ඔවුන්ට වැජඹෙන්න බෑ. ඉතාමත් හොද ශක්තිමත් හාම්පුතෙක් ගාව තමයි සුනඛයෙකුට සැප තියෙන්නේ. ඒ නිසා හාම්පුතා දුර්වල වුනාම සුරතලා දුර්වල වෙනවා.

ඒයාලට ශක්තිමත් හාම්පුතෙක් ඕන වෙලා තියෙනවා දෙන මස් කට්ට ලෙව කාගන ජිවත් වෙන්න. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න විස්ස ප්‍රමාණවත් නැතනම් සංශෝධන ඉදිරිපත් කිරිමට හෝ සම්පුර්ණයෙන් වෙනස් කිරිමට වුනත් ජනතා විමුක්ති පෙරමුණ විවෘතව මැදිහත් වීමට සුදානම්.

කුඩු ගහන අයට වඩා කුඩු ගෙන අය හොයන්න ඕන. කුඩු ගේන අය තමන්ගේ ආණඩුවේ තියාගෙන කුඩු ගේන අයට තමන්ගේ රැකවරණය දිලා කුඩු ගහන එක්කෙනෙක් දෙන්නෙක්ට චෝදනා කරලා කිසි ඵලක් නෑ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *